by Staff writer 23-11-2019 | 9:31 PM
COLOMBO (News 1st) : අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළඳා සමිඳුන් වැඳ පුදා ගත්තේ ය.
ඒ අග්‍රාමාත්‍යවරයෙකු එම ධූරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව දළඳා සමිදුන් වැඳ පුඳා ගැනීමේ සම්ප්‍රදායික චාරිත්‍රයට අනුවයි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පිළිගනු ලැබුවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ප්‍රමුඛ සතර මහා දේවාලයන්හි බස්නායක නිලමේවරුන් විසිනි.
අනතරුව අග්‍රාමාත්‍යවරයා දළඳා සමිඳුන් වැඳපුදා ගත්තේ ය.
පසුව අග්‍රාමාත්‍යවරයා ශ්‍රී දළඳා මාළිගයේ ඇති අමුත්තන් සඳහා වෙන් වූ සටහන් පොතෙහි විශේෂ සමරුසටහනක් ද තැබීය.
අනතුරුව මල්වතු මහා විහාරයට පැමිණි අග්‍රාමාත්‍යවරයා එහිදි මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රි සුමංගල මහනාහිමි බැහැ දැක උන්වහන්සේ සමග සුහද පිළිසදරක ද නිරත විය.
පසුව මහනායක හිමියෝ සෙත් පිරිත් සජ්ජායනා කරමින් එතුමාට අශිර්වාද කළහ.
අනතුරුව අග්‍රාමාත්‍යවරයා මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් බැහැ දුටුවේ ය.
මේ අතර අග්‍රාමාත්‍යවරයා අස්ගිරි මහාවිහාරය වෙත ගොස් එම පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන මහ නා හිමියන් සහ අනුනායක ආණමඩුවේ ධම්මධස්සි හිමියන් බැහැ දුටුවේ ය.
https://www.youtube.com/watch?v=4Zq5OdvCXlA