රාජගිරියේදී හෙරොයින් කිලෝ 10ක් අල්ලයි

හෙරොයින් කි. 10ක් සමග රාජගිරියේදී කාන්තාවක් සහ තවත් අයෙක් අත්අඩංගුවට

by Staff writer 22-11-2019 | 6:22 PM
COLOMBO (News 1st) : හෙරොයින් කිලෝග්‍රෑම් 10 ක් සමග රාජගිරියේදී සැකකරුවන් දෙදෙනෙකු  පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. පොලීසිය පැවසුවේ, ඒ අතර කාන්තාවක ද වන බවයි. අත්අඩංගුවට ගෙන ඇත්තේ 24 හැවිරිදි සැකකරුවෙකු 31 හැවිරිදි සැකකාරියකි.