ලබන 24 වන දා බෙරහඬ කරළියට

ලබන 24 වන දා බෙරහඬ කරළියට

by Staff writer 22-11-2019 | 5:38 PM
COLOMBO (News 1st) : ප්‍රවීණ නාට්‍යවේදී ඩග්ලස් සිරිවර්ධන මහතාගේ ප්‍රතිනිෂ්පාදනයක් වන බෙරහඬ වේදිකා නාට්‍ය ලබන 24 වැනිදා පස්වරු 6.30 ට වේදිකාගත වේ. ඒ, මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදීයි. බෙරහඬ නාට්‍යයේ නව නිෂ්පාදනය එලෙස වේදිකාගත වන්නේ ප්‍රවීණ නාට්‍යවේදී බන්දුල ජයවර්ධන මහතාගේ 16 වැනි ගුණ සමරුව නිමිත්තෙනි. බන්දුල ජයවර්ධන මහතාගේ නාට්‍ය නිර්මාණයක් වන බෙරහඬ පළමුව වේදිකාගත වූයේ 1961 වසරේදීයි.