රනිල් වික්‍රමසිංහගෙන් ට්විටර් පණිවිඩයක්

පාක්ෂිකයින්ට මුහුණ දීමට සිදුව ඇති ප්‍රචණ්ඩ ක්‍රියා ගැන ජනපති සමග සාකච්ඡා කළ බව රනිල් කියයි

by Staff writer 22-11-2019 | 10:23 PM
COLOMBO (News 1st) : එක්සත් ජාතික පාක්ෂිකයින්ට මුහුණ දීමට සිදුව ඇති ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් තමා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කළ බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි. වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත්තේ එවැනි තත්ත්ව වැළැක්වීමට කටයුතු කරන බවට ජනාධිපතිවරයා සහතික වූ බවයි. මැතිවරණ සමයේදී පමණක් නොව මැතිවරණයකින් පසුව ද ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සහතික කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව හිටපු අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ ටිව්ටර් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් ය.