නව චූඩා මාණික්‍යය අද රුවන්වැලි මහා සෑ පුදබිමට

නව චූඩා මාණික්‍යය අද රුවන්වැලි මහා සෑ පුදබිමට

by Staff writer 22-11-2019 | 7:39 AM

COLOMBO ( News 1st ) - ඓතිහාසික රුවන්වැලිසෑ රඳුන්ගේ කොත් වහන්සේට පළඳවන රන් පාදම සහිත චූඩා මාණික්‍යය අද රුවන්වැලි මහා සෑ පුදබිමට වැඩම කරවීමට නියමිත ය.

මේ වනවිට කුරුණෑගල ඇත්කඳ රජමහා විහාරයේ තැන්පත් කර ඇති චුඩා මාණික්‍යය වාරියපොල, පාදෙණිය, දළදාගම, අඹන්පොළ, ගල්ගමුව, තඹුත්තේගම සහ තලාව හරහා ඓතිහාසික රුවන්වැලි මහා සෑ පුදබිමට වැඩම කරවීමට නියමිත ය. ඒ අනුව, රුවන්වැලි සෑ පුදබිමේ විශේෂ මණ්ඩපයක ස්ථාපිත කෙරෙන චූඩා මාණික්‍යය අද සිට ලබන 24 වැනිදා දක්වා වැඳ පුදා ගැනීමට යළිත් වරක් සැඳැහැවතුන්ට අවස්ථාව හිමි වේ. ලබන 25 වැනිදා රන් පාදම සහිත චූඩා මාණික්‍යය රුවන්වැලි මහා සෑ රඳුන්ගේ කොත් වහන්සේට පළදවනු ඇති.