නව ඇමති මණ්ඩලය අද දිවුරුම් දෙයි

නව ඇමති මණ්ඩලය අද දිවුරුම් දෙයි

by Staff writer 22-11-2019 | 8:02 AM

COLOMBO ( News 1st ) - ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් නව ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය අද දිවුරුම් දීමට නියමිතය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම්, රොහාන් වැලිවිට මහතා සඳහන් කළේ, අද පෙරවරු 8.30 ට ජනාධිපති කාර්යාලයේදී ඔවුන් දිවුරුම් දීමට නියමිත බවයි. අද දිවුරුම් දෙන අමාත්‍යවරුන් මහ මැතිවරණය තෙක් භාරකාර ආණ්ඩුවක අමාත්‍යවරුන් ලෙස කටයුතු කරනු ඇති. ඒ අනුව, අමාත්‍යවරුන් 15 දෙනෙකු අද දිවුරුම් දීමට නියමිත බව රොහාන් වැලිවිට මහතා ප්‍රකාශ කළේ ය.