කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට ජල කප්පාදුවක්

by Staff writer 22-11-2019 | 4:25 PM
COLOMBO (News 1st) : කොළඹ නගර සභා බල ප්‍රදේශය ඇතුළු ප්‍රදේශ රැසකට හෙට පෙරවරු 9 සිට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව රාජගිරිය, මොරගස්මුල්ල, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, නාවල, කොස්වත්ත, රාජගිරිය සිට නාවල විවෘත විශ්ව විද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගය සහ ඊට සම්බන්ධ සියලු අතුරු මාර්ගවල ජල සැපයුම අත්හිටවනු ඇති. කොළඹ නගර සංවර්ධන ව්‍යාපෘතියක්, ජල සැපයුම අත්හිටුවීමට හේතු වී තිබේ. මේ අතර කටුනායක - සීදූව, ජාඇල, වත්තල මාබෝල යන නගර සභා බල ප්‍රදේශවලට අනිද්දා පෙරවරු 8 සිට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඊට අමතරව ජා-ඇල ප්‍රාදේශීය සභාව, වැලිසර, කෙරවලපිටිය, දික්ඕවිට, මාටාගොඩ, බෝපිටිය, උක්වැටකෙයියාව යන ප්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටවනු ඇති. රාගම, වල්පොල, බටුවත්ත, බුළුගහගොඩ, හොරපේ, බන්ධනාගාර පාර, කුරුකුලාව, ජයශ්‍රිගම, පොල්ගහහේන යන ප්‍රදේශවලට ද අනිද්දා පෙරවරු 8 සිට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.