කොරියානු විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ

කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ

by Staff writer 22-11-2019 | 3:26 PM
COLOMBO (News1st) : කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබේ. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ, www.slbfe.lk වෙබ් අඩවියෙන් ප්‍රතිඵල ලබා ගත හැකි බවයි. මෙවර විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් අතරින් 2,411 දෙනෙකු විභාගය සමත්වී තිබේ. පසුගිය මැයි 28 වැනිදා සිට ඔක්තෝම්බර් 08 වැනිදා දක්වා විභාගය සඳහා පෙනී සිටි, අයදුම්කරුවන් සංඛ්‍යාව 3319 කි. එම විභාගය පැවැත්වෙන්නේ , ශ්‍රී ලංකා රජය හා කොරියානු රජය අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුමකට අනුව ශ්‍රී ලාංකිකයින්ට කොරියානු රැකියා ලබාදීම සඳහායි.