අල්ලස් ගනිද්දී සහකාර පොලිස් අධිකාරී අත්අඩංගුවට

අල්ලස් ගනිද්දී සහකාර පොලිස් අධිකාරී අත්අඩංගුවට

by Staff writer 22-11-2019 | 6:04 PM
COLOMBO (News 1st) : රුපියල් 190,000ක අල්ලසක් ලබාගත් හලාවත දිස්ත්‍රික් (1) භාර සහකාර පොලිස් අධිකාරීවරයා අත්අඩංගුවට ගෙන තිබේ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා සඳහන් කළේ, දේවාලයක නැති වූ වාලම්පුරි දෙකක් සොයාදීමට සහ දේවාලයේ කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට මෙම මුදල් ලබාගෙන ඇති බවයි. හලාවත ප්‍රදේශයේ පිහිටි අදාළ දේවාල භූමියේදී මෙම මුදල ලබා ගනිද්දී ඔහු අල්ලස් කොමිසම විසින් මෙම සහකාර පොලිස් අධිකාරීවරයා අත්අඩංගුවට ගෙන තිබේ.