අමෙරිකානු හා ජපන් තානාපතිවරු ජනපති හමුවෙති

අමෙරිකානු තානාපතිනිය හා ජපාන තානාපති ජනපති හමුවෙයි

by Staff writer 22-11-2019 | 8:21 PM
COLOMBO (News 1st)  : ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි අලියානා ටෙප්ලිට්ස් මහත්මිය සහ ජපාන තානාපති සුගියාමා අකිරා මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වී තිබේ. මෙම හමුව සිදුව ඇත්තේ, අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදීයි. අමෙරිකානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී මෙහෙයුම් මාර්ටින් කෙලී සහ දේශපාලන මෙහෙයුම් ප්‍රධානී ඇන්ටනී රෙන්සුලි යන මහත්වරුන් ද එම අවස්ථාවට එක්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය. ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී මෙහෙයුම්, තොෂිහිරො කිතමුරා සහ නියෝජ්‍ය මහලේකම් තකේෂි ඔසකි යන මහත්වරු ද ජපාන තානාපතිවරයා සමග එම හමුවට එක්ව සිටියහ. මෙහිදී දෙපාර්ශ්වය සුහද කථාබහක නිරත වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.