ඇමති ධූර එපා

අන්තර්කාලීන ආණ්ඩුවේ ඇමති ධූර එපා - ගම්මන්පිලගෙන් ජනපතිට ලිපියක්

by Staff writer 22-11-2019 | 11:51 AM

COLOMBO ( News 1st ) -  අන්තර්කාලීන ආණ්ඩුවේ අමාත්‍ය ධූර භාර නොගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ජනාධිපතිතුමා වෙත ලිපියක් යොමු කරමින් පවසයි.

ඒ මහතා සිය ලිපියෙන් පෙන්වා දෙන්නේ, ජනාධිපතිතුමාට සහය දුන් කණ්ඩායම තුළ ඇමති ධූර අපේක්ෂා කරන හිටපු කැබිනට් ඇමතිවරු 8ක් සිටින බවයි. දිස්ත්‍රික් නායකයින් ගණනාවක් ද කැබිනට් ඇමති ධූර අපේක්ෂා කරන බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි. 10 ගෙන් සමන්විත අමාත්‍ය මණඩලයක් සැකසීමට මුලින් යෝජනාකළත්, එය 15 කට හෝ සීමාකර ගැනීම අතිශය දුෂ්කර කාරණයක් වූ බව උදය ගම්මන්පිල මහතාගේ ලිපියේ සඳහන් වේ. ඒ අනුව නව අමාත්‍ය මණ්ඩල සැකසීමේදී ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් මුහුණ දී ඇති දුෂ්කරතා ගැඹුරින් කල්පනා කර, අමාත්‍ය ධූරයක් භාර නොගැනීමට තීරණය කළ බව, උදය ගම්මන්පිල මහතා සිය ලිපියෙන් වැඩිදුරටත් පෙන්වා දෙයි.