පාක්ෂිකයින්ට මුහුණ දීමට සිදුව ඇති ප්‍රචණ්ඩ ක්‍රියා ගැන ජනපති සමග සාකච්ඡා කළ බව රනිල් කියයි

පාක්ෂිකයින්ට මුහුණ දීමට සිදුව ඇති ප්‍රචණ්ඩ ක්‍රියා ගැන ජනපති සමග සාකච්ඡා කළ බව රනිල් කියයි

පාක්ෂිකයින්ට මුහුණ දීමට සිදුව ඇති ප්‍රචණ්ඩ ක්‍රියා ගැන ජනපති සමග සාකච්ඡා කළ බව රනිල් කියයි

කර්තෘ Staff writer

22 Nov, 2019 | 10:23 pm

COLOMBO (News 1st) : එක්සත් ජාතික පාක්ෂිකයින්ට මුහුණ දීමට සිදුව ඇති ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් තමා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කළ බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.

වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත්තේ එවැනි තත්ත්ව වැළැක්වීමට කටයුතු කරන බවට ජනාධිපතිවරයා සහතික වූ බවයි.

මැතිවරණ සමයේදී පමණක් නොව මැතිවරණයකින් පසුව ද ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සහතික කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව හිටපු අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ ටිව්ටර් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]