දිවුරුම් දුන් නව ඇමති මණ්ඩලය

by Staff writer 22-11-2019 | 9:50 AM

COLOMBO ( News 1st ) - නව ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය අද දිවුරුම් දුන්නේ ය.

ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ය. ඒ අනුව, දිවුරුම් දුන් අමාත්‍යවරුන් ගණන අගමැති සමග  16 කි. මෙලෙස දිවුරුම් දුන් අමාත්‍යවරුන් 16 දෙනා එළැඹෙන මහ මැතිවරණය තෙක් භාරකාර ආණ්ඩුවක කටයුතු කරයි. අද දිවුරුම් දුන් අමාත්‍යවරුන් 16 දෙනා හා ඔවුන්ට නියමිත අමාත්‍යාංශ මෙසේ ය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ - මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සම්පාදන, බුද්ධ ශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු, නිවාස හා ජල සම්පාදන, නගර සංවර්ධන නිමල් සිරිපාල ද සිල්වා - අධිකරණ, මානව හිමිකම් සහ නීති ප්‍රසංස්කරණ ආරුමුගම් තොණ්ඩමන් - ප්‍රජා සවිබල ගැන්වීම්, වතු යටිතල පහසුකම් සංවර්ධන දිනේෂ් ගුණවර්ධන - විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන, රැකී රක්ෂා හා කම්කරු සබඳතා ඩග්ලස් දේවානන්ද - ධීවර හා ජලජ සම්පත් පවිත්‍රා වන්නිආරච්චි - කාන්තා හා ළමා කටයුතු, සමාජ ආරක්ෂණ, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා බන්දුල ගුණවර්ධන - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන ජනක බණ්ඩාර තෙන්නකෝන් - රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයටුතු, පළාත් සභා හා පළාත් පාලන චමල් රාජපක්ෂ - මහවැලි, කෘෂි කර්ම, වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන, ආහාර සුරක්ෂිතතා, අභ්‍යන්තර වෙළෙඳ කටයුතු හා පාරිභෝගික සුබ සාධන ඩලස් අලහප්පෙරුම - අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු ජොන්ස්ටන් ප්‍රනාන්දු - මාර්ග, මහා මාර්ග සහ වරාය සහ නාවික කටයුතු විමල් වීරවංශ - කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන, කර්මාන්ත හා සැපයුම් මහින්ද අමරවීර - මගී ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති එස්.එම් චන්ද්‍රසේන - පරිසර හා වනජීවි, ඉඩම් හා ඉඩම් සංවර්ධන රමේෂ් පතිරණ - වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම ප්‍රසන්න රණතුංග - කාර්මික අපනයන හා ආයෝජන ප්‍රවර්ධන, සංචාරක ගුවන් සේවා