by Staff writer 22-11-2019 | 7:20 AM
COLOMBO ( News 1st ) - ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු, නියෝජ්‍ය පොලිස්පතිවරුන් 08 දෙනෙකු, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකු සහ සහකාර පොලිස් අධිකාරිවරුන් 05 දෙනෙකු ස්ථාන මාරු කර තිබේ.
ඒ, ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත සහ ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාව මතයි.
ඒ අනුව, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ මහතා මධ්‍යම පළාත සහ ඌව පළාතට අමතරව නැගෙනහිර පළාතට මාරු කර ඇතැයි පොලිස් මුලස්ථානය නිවේදනය කළේ ය.
ස්ථාන මාරු කළ නියෝජ්‍ය පොලිස්පතිවරුන් අතර එල්.එස්. පතිනායක, ඩබ්.එම්.එම්. වික්‍රමසිංහ, ආර්.එම්.එන්.ජී.ඕ පෙරේරා, ඊ.එම්.යු.වී. ගුණරත්න, කේ.එන්.ජේ. වෙදසිංහ, ඩී.ජේ. පලිහක්කාර, එල්.කේ.ජේ.ජී.එස්. පීරිස්, එල්.පී.එස්.පී සඳුන්ගහවත්ත යන මහත්වරුන් වේ.
පොලිස් මුලස්ථානය නිවේදනය කළේ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජී.එස්. අබේසේකර සහ ඩබ්ලිව් තිලකරත්න යන මහත්වරුන් ද ස්ථාන මාරු කළ බවයි.
සහකාර පොලිස් අධිකාරිවරුන් වන ආර්.ඒ .ආර් .එන් රාජපක්ෂ, ඩී.එස්.කේ පුෂ්පකුමාර, පී.ටී සිසිර,ඩබ්ලිව් .වී.ඩි.ජි. සමන්තිලක, ඩබ්ලිව්.පි.වි පෙරේරා යන මහත්වරුන් ද ස්ථාන මාරු කළ බව පොලිස් මුලස්ථානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.