by Staff writer 22-11-2019 | 7:22 AM
COLOMBO ( News 1st ) - මොරටුව, අඟුලාන ප්‍රදේශයේ රසායනික කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබේ.
ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අද අලුයම 3 ට පමණ හටගත් ගින්න මැඩ පැවැත්වීමට සේවා රථ 12ක් යොදවා ඇති බවයි.
එම ගින්නෙන් මහල් 4කින් යුත් ගොඩනැගිල්ලට දැඩි අලාභ හානි සිදුව ඇතැයි පොලීසිය ප්‍රකාශ කළේ ය.