2019 රාජ්‍ය සම්මාන උළෙල

2019 රාජ්‍ය සම්මාන උළෙල : නිවුස් ෆස්ට්, සිරස ටීවී,ශක්ති ටීවී සහ ටීවී වන් සම්මාන රැසක් හිමි කරගනී

by Staff writer 21-11-2019 | 10:42 PM
COLOMBO (News 1st) : 2019 රාජ්‍ය සම්මාන උළෙලේදී සම්මාන නිවුස් ෆස්ට් , සිරස ටීවී ,ශක්ති ටීවී සහ ටීවී වන් සම්මාන රැසක් හිමි කරගත්තේ ය. අද පස්වරුවේ නෙළුම්පොකුණ රඟහලේදී මෙම උළෙල පැවැත්වුණේ ආචාර්ය මාලනී ෆොන්සේකා මහත්මිය සහ අචාර්ය රවීන්ද්‍ර රන්දෙණිය මහතාගේ ප්‍රධානත්වයෙනි. හොදම පූරණ පටයට හිමි සම්මානය නිව්ස් ෆස්ට්හි නදීක විජේවීරට හිමිවිය. හොඳම පූර්ව ප්‍රචාරක පටයට හිමි සම්මානය සිරස ලක්ෂපති වැඩසටහන වෙනුවෙන් සමිත් බස්නායක දිනා ගත්තේ ය. හොඳම කතිකාමය වැඩසටහනට හිමි සම්මානය සටන වැඩ සටහන වෙනුවෙන් සමන් ධම්මික හිමි කරගත්තේ ය. හොඳම සජීවිකරණ නිෂ්පාදනයට හිමි සම්මානය හිමිවුයේ ටී වී වන් හි දිනේෂ් නයනජිත්ටයි. ප්‍රශස්තම දෙබස් කැවු වැඩසටහනට හිමි සම්මානය සිරස ටීවී ඔස්සේ විකාශය වු ජැක් ද ජයන්ට් ස්ලේයර් වෙනුවෙන් අරුණ ජයන්තට සහ කාංචන අමරරත්නට හිමිවිය. ස්ෆෝර්ට්ස් ෆස්ට්හි රාජලිංගම් ත්‍රිෂානෝ ප්‍රශස්තම දමිළ මාධ්‍ය ක්‍රීඩා වැඩසටහනට හිමි සම්මානය දිනාගත්තේ ය. ප්‍රශස්තම සිංහල මාධ්‍ය සංගීත වැඩසටහනට හිමි සම්මානය සිරස ටීවී ඔස්සේ විකාශය වු සික්ස්ටීන් ප්ලස් වෙනුවෙන් ඩිලාන් දේවින්ද ලබා ගත්තේ ය. ප්‍රශස්තම දමිළ මාධ්‍ය සංගීත වැඩසටහන වැඩසටහන වෙනුවෙන්ශක්ති ටීවී හි දිනේෂ් කුමාර් සම්මාන හිමි කරගත්තේ ය. ප්‍රශස්තම බහු කැමරා නිෂ්පාදනය ලෙස සිරස ජුනියර් සුපර්ස්ටාර් අවසන් මහා තරගය වෙනුවෙන් හිමිවුයේ සුසන්ත සෙනෙවිරත්නට සහ චන්දිම කරුණාතිලකටයි. ප්‍රශස්තම සම්ප්‍රවේශක දමිළ මාධ්‍ය සම්මානය ශක්ති ටීවී හි ඥානකුමාරන් ගනාදීපන්ට හිමිවිය. සිරස ටීවී ඔස්සේ විකාශය වු තාත්තා ටෙලිනාට්‍යයට මෙවර රාජ්‍ය සම්මාන උළෙලේ සම්මාන 6 කි හිමි වීම විශේෂත්වයකි. https://www.facebook.com/NewsfirstSL/videos/713399462518961/