5G හඳුන්වා දිය යුතුයි - නව TRC අධ්‍යක්ෂ ජනරාල්

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක වැඩ භාර ගනී

by Staff writer 21-11-2019 | 4:18 PM
COLOMBO (News 1st): ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත් කළ ඕෂධ සේනානායක මහතා අද එම ආයතනයේදී වැඩ භාර ගත්තේය. "ස්මාර් ශ්‍රී" සංකල්පය කොලයකට සීමා නොවී යතාර්ථයක් බවට පත්වීමට නම් ලංකා පරිගණක ක්ෂේත්‍රය 5ජී තාක්ෂණය හඳුන්වා දිය යුතු බවට රාජකාරි ආරම්භ කරමින් ඕෂධ සේනානායක මහතා සඳහන් කළ බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ සඳහන් විය. ඕෂධ සේනානායක මහතා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇති අතර, පරිගණකකරණය පිළිබඳ විද්‍යාවේදි උපාධිධාරියෙකු බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ වැඩි දුරට ත් සඳහන් විය. https://www.youtube.com/watch?v=6XA5_kOvWyo