පාන් ගෙඩියක මිල රුපියල් 5.00 කින් පහළට

වහාම ක්‍රියාත්මක වන පරිදි පාන් ගෙඩියක මිල රුපියල් 5.00 කින් පහළට

by Staff writer 21-11-2019 | 9:52 AM

COLOMBO (News 1st) - ඉහළ දැමූ පාන් මිල වහාම ක්‍රියාත්මක වන පරිදි යළි පහළ දමා තිබේ.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා සඳහන් කළේ, තිරිඟු පිටි සමාගම් අද උදෑසන සිට වැඩි කළ මිල පහත දැමීම හේතුවෙන් එම තීරණය ගත් බවයි. පසුගිය 16 වැනි දා සිට සමාගම් විසින් තිරිඟු පිටි මිල, රුපියල් 8.16 කින් ඉහළ දමනු ලැබුවේ ය. ඒ අනුව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 5.00 කින් ඉහළ දැමුවේ ය. කෙසේ වෙතත් අද සිට පාන් මිල යළි පහළ දැමීමට තීරණය කළේ වැඩි කළ මිලට ලබාගත් තිරිඟු පිටි සඳහා වැය වූ මුදල් නැවත ලබාදීමට සමාගම් එකඟවීම හේතුවෙන් බව එන්. කේ. ජයවර්ධන මහතා සඳහන් කළේ ය.