විපක්ෂ නායක රනිල් ද? සජිත් ද?

රනිල් විපක්ෂ නායක කරන්නැයි අකිල ඉල්ලද්දී සජිත් විපක්ෂ නායක කරන්නැයි පක්ෂයේ බහුතරයෙන් ඉල්ලීමක්

by Staff writer 21-11-2019 | 1:52 PM

COLOMBO (News 1st) - රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක ධුරයට පත් කරන්නැයි එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා කතානායකවරයාගෙන් ඉල්ලීමක් කරද්දී එක්සත් ජාතික පක්ෂයේ බහුතර මන්ත්‍රීවරුන්ගේ අත්සනින් සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක ධුරයට පත් කරන්නැයි කතානායකවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් කබීර් හෂීම්, රංජිත් මද්දුම බණ්ඩාර ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 45 දෙනෙකු මේ ලිපියට අත්සන් කර ඇත.