මහින්ද රාජපක්ෂ නව අගමැති ලෙස අද දිවුරුම් දෙයි

මහින්ද රාජපක්ෂ නව අගමැති ලෙස අද දිවුරුම් දෙයි

by Staff writer 21-11-2019 | 6:38 AM

COLOMBO (News 1st) - විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට නියමිතයි.

විපක්ෂ නායක මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා සඳහන් කළේ, පස්වරු 1.00 ට මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට නියමිත බවයි. ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම්දීමෙන් පසුව, පස්වරු 3.00 ට ඔහු අග්‍රාමාත්‍ය කාර්යාලයේදී රාජකාරී ඇරඹීමට නියමිත බව ද රොහාන් වැලිවිට මහතා සඳහන් කළේ ය.