පාර්ලිමේන්තු කාරක සභාව අද රැස්වෙයි

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායකගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි

by Staff writer 21-11-2019 | 6:49 AM

COLOMBO (News 1st) - පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වේ.

කතානායකවරයාගේ උපදෙස් අනුව මෙම කාරක සභාව කැඳවා ඇත්තේ, පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා විසිනි. ඒ අනුව අද පෙරවරු 11.00 ට පාර්ලිමේන්තුවේ කතානායක නිල කාමරයේදී මෙම කාරක සභා රැස්වීම පැවැත්වෙනු ඇති.