නව ආණ්ඩුකාරවරු 6 දෙනෙකු දිවුරුම් දෙති

නව ආණ්ඩුකාරවරු 6 දෙනෙකු ජනපති ඉදිරියේ දිවුරුම් දෙති

by Staff writer 21-11-2019 | 10:01 AM

COLOMBO (News 1st) - නව ආණ්ඩුකාරවරුන් 6 දෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ මීට ටික වේලාවකට පෙර දිවුරුම් දුන්හ.

ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී ය.

ඒ අනුව දිවුරුම් දුන් ආණ්ඩුකාරවරු මෙසේය. 01 - බස්නාහිර පළාත - සීතා අරඹේපොළ මහත්මිය 02 - දකුණු පළාත - ආචාර්ය විලී ගමගේ මහතා 03 - මධ්‍යම පළාත - ලලිත් යූ. ගමගේ 04 - වයඹ පළාත - ඒ. ජේ. එම්. මුසම්මිල් 05 - සබරගමුව පළාත - ටිකිරි කොබ්බෑකඩුව 06 - ඌව පළාත - රාජා කොල්ලුරේ මහතාට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කළ ආණ්ඩුකාරවරුන්, ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉල්ලීමක් මත ඊයේ සිය ධුරවලින් ඉල්ලා අස් විය.