නරේන්ද්‍ර මෝදිගෙන් නව අග්‍රාමාත්‍යවරයාට සුබපැතුම්

නරේන්ද්‍ර මෝදිගෙන් නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සුබ පැතුම්

by Staff writer 21-11-2019 | 3:19 PM
COLOMBO (News 1st) : ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක්කර තිබේ. ශ්‍රී ලංකාව සමග සමීපව කටයුතු කිරීමට තමා අපේක්ෂා කරන බව ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එමගින් පවසා ඇත. ඔහු පවසන්නේ අනාගතයේදී දෙරට අතර ශක්තිමත් බැඳීමක් ඒ හරහා ගොඩනැගෙනු ඇති බවයි.