ජනාධිපතිවරයාගෙන් නිවේදනයක්

ජනාධිපතිවරයාගෙන් නිවේදනයක්

by Staff writer 21-11-2019 | 8:50 PM
COLOMBO (News 1st) : තමා ගන්නා තීරණ සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරීමට සියලු වගකීම ඇත්තේ, ජනාධිපති මාධ්‍ය අංශයට පමණක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර තිබේ. ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් ය. ඇතැම් සමාජ මාධ්‍ය සහ වෙබ් අඩවි ඔස්සේ ප්‍රචාරය වූ අසත්‍ය තොරතුරු හේතුවෙන් ජනාධිපතිවරයා මෙම නිවේදනය නිකුත් කර තිබේ. තමා උපුටා දක්වමින් සහ තමාගේ තීරණ යැයි කියා පාමින් සමාජ මාධ්‍ය වෙබ් අඩවි ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රසිද්ධියට පත් කර ඇති බව මෙහි සඳහන් ය. සිය තීරණ ප්‍රසිද්ධියට පත් කරන්නේ ජනාධිපති මාධ්‍ය අංශය හෝ ජනාධිපති කාර්යාලය හරහා හෝ නිල සමාජ මාධ්‍ය වෙබ් අඩවි ඔස්සේ පමණක් බව ද නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.