රාජ්‍ය සේවකයින්ට තාවකාලික විදෙස් ගමන් තහනමක්

ජනපති නියමයෙන් රාජ්‍ය සේවකයින්ට තාවකාලික විදෙස් ගමන් තහනමක්

by Staff writer 21-11-2019 | 6:51 AM

COLOMBO (News 1st) - රාජ්‍ය සේවකයින්ගේ විදේශ සංචාර නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා තිබේ.

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සඳහන් කළේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගයක් මත ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මහතා විසින් ඊට අදාළ ලිපිය යොමු කර ඇති බවයි. ඒ අනුව අමාත්‍යාංශ, පළාත් සහ ආණ්ඩුකාර ලේකම්වරුන් වෙත ඊට අදාළ ලිපි යොමු කර තිබේ.