by Staff writer 21-11-2019 | 6:29 PM
COLOMBO (News 1st) : ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට චීන තානාපති එච්. ඊ. චෙන්ග් ෂුආන් මහතා හමුවී තිබේ.
ඒ අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදීයි.
ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී මෙහෙයුම් හු වෙයි සහ දේශපාලන ප්‍රධානී ලෝ චොන්ග් යන මහත්වරු ද එම අවස්ථාවට එක්ව සිටියහ.
එහිදී ජනාධිපතිවරයා සමග චීන නියෝජිත පිරිස සුහද පිළිසදරක නිරත වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.