කැලණිවැලි මාර්ගයේ දුම්රිය ගමන කොස්ගමට සීමා වෙයි

කැලණිවැලි මාර්ගයේ දුම්රිය ගමන කොස්ගමට සීමා වෙයි

by Staff writer 21-11-2019 | 7:35 PM
COLOMBO (News 1st) : කැලණිවැලි දුම්රිය මාර්ගයේ ගමනා ගමනය කොස්ගම දක්වා සීමා කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එහි සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, අද පස්වරුවේ පුවක්පිටිය දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටී ඇති බවයි. පස්කන්ද ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇතැයි ද ඔහු පැවසී ය.