COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා මීට ටික වේලාවකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.
ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී ය.

මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමතිවරු රැසක් එක්ව සිටියහ.
මේ අතර මහින්ද රාජපක්ෂ මහතා අද පස්වරු 3.00 ට අග්‍රාමාත්‍ය කාර්යාලයේදී රාජකාරී ආරම්භ කිරීමට නියමිත ය.