ව්‍යාජ Facebook ගිණුම් බිලියන 5.4 ක් වසා දැමේ

Facebook සමාගම ව්‍යාජ ගිණුම් බිලියන 5.4 ක් වසා දැමීමට තීරණය කරයි

by Staff writer 20-11-2019 | 9:48 PM

News 1st - Facebook සමාගම ව්‍යාජ ගිණුම් බිලියන 5.4 ක් වසා දැමීමට තීරණය කර තිබේ.

පසුගිය වසරේ එලෙස ඉවත් කර ඇති ව්‍යාජ ගිණුම් සංඛ්‍යාව බිලියන 3.3 කි. මාසික පරිශීලකයින් බිලියන 2.5 න් 5% ක්ම ව්‍යාජ ගිණුම් භාවිත කරන බව වාර්තා වී ඇතැයි Facebook සමාගම පැවසුවේ ය. සමාගම මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කර ඇත්තේ 2020 දී අමෙරිකාව ජනාධිපතිවරණය සඳහා සූදානම් වන පසුබිමකයි. ව්‍යාජ ගිණුම් හරහා අසත්‍ය ප්‍රවෘත්ති සමාජගතවීමේ අවදානමක් ඇති බව විශ්ලේෂකයින් පෙන්වා දී තිබේ. Facebook හි ප්‍රධාන විධායක නිලධාරී මාක් සකර්බර්ග් පවසන්නේ, ව්‍යාජ ගිණුම් විශාල සංඛ්‍යාවක් ඉවත් කිරීමට තීරණය කිරීම තුළින් තම ආයතනය මෙම ගැටලුවට කොතරම් අවධානයක් යොමු කර ඇති ද යන්න පෙන්නුම් කරන බවයි.