හෙරොයින් සමග ජා ඇළදී 3ක් අත්අඩංගුවට

හෙරොයින් සමග ජා ඇළදී 3ක් අත්අඩංගුවට

by Staff writer 20-11-2019 | 2:23 PM

COLOMBO ( News 1st ) - ජා ඇල, ඇවරියවත්ත ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයකින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් 3ක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, විශේෂ කාර්ය බලකාය කළ මෙහෙයුමකින් ය. ඔවුන් සතුව තිබී සොයාගෙන ඇති හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 6යි මිලිග්‍රෑම් 180කි. අත්අඩංගුවට ගත් 21, 22 සහ 26 හැවිරිදි වියේ පසුවන සැකකරුවන් ඒකල සහ ඇවරිවත්ත ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය ප්‍රකාශ කළේ ය. ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා පොලීසියට භාර දී තිබේ.