සියලු ආණ්ඩුකාරවරු ධුරවලින් ඉල්ලා අස්වෙති

සියලු ආණ්ඩුකාරවරු ධුරවලින් ඉල්ලා අස්වෙති

by Staff writer 20-11-2019 | 3:20 PM

COLOMBO (News 1st) - සියලු ආණ්ඩුකාරවරුන් තම ධුරවලින් ඉල්ලා අස් වී තිබේ.

සබරගමු පළාත් ආණ්ඩුකාර ධම්ම දිසානායක මහතා ප්‍රකාශ කළේ, අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලය කළ දැනුම්දීමකට අනුව ආණ්ඩුකාරවරුන් 09 දෙනාම ධුරවලින් ඉල්ලා අස් වූ බවයි. නිව්ස්ෆස්ට් කළ විමසීමකදී බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසාම්මිල්, උතුරු පළාත් ආණ්ඩුකාර සුරේෂ් රාඝවන්, ඌව පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න, උතුරුමැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක සහ සහ මධ්‍යම ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් යන මහත්වරුන් තමන්ගේ ධුරවලින් ඉල්ලා අස් වූ බව ධම්ම දිසානායක මහතා කියා සිටියේ ය.