නව චුඩා මාණික්‍යය වන්දනාමාන කිරීමට අදත් අවස්ථාව

නව චුඩා මාණික්‍යය වන්දනාමාන කිරීමට අදත් අවස්ථාව

by Staff writer 20-11-2019 | 12:01 PM

COLOMBO ( News 1st ) - ඓතිහාසික රුවන්වැලි සෑ රඳුන්ගේ කොත්වහන්සේට පළදවන රන් පාදම සහිත චූඩා මාණික්‍යය වන්දනාමාන කිරීමට අද මධ්‍යම රාත්‍රිය දක්වා සැඳැහැවතුන්ට අවස්ථාව උදා වේ.

ඒ, කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ය. හෙට උදෑසන 6ට චුඩා මාණික්‍යය රැගත් රිය පෙරහැර කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය ඔස්සේ නිට්ටඹුව වරකාපොල, අඹේපුස්ස, අලව්ව, පොල්ගහවෙල සහ පොතුහැර හරහා කුරුණෑගල ඇත්කඳ රජමහා විහාරයට වැඩම කරවීමට නියමිතයි. එම විහාරස්ථානයේ තැන්පත් කෙරෙන චූඩා මාණික්‍ය වන්දනා කිරීමට සැඳැහැවතුන්ට 22 වනදා උදෑසන 6 වන තෙක් අවස්ථාව හිමි වේ. අනතුරුව චූඩා මාණික්‍යය රැගත් රිය පෙරහැර වාරියපොල, පාදෙණිය, දළදාගම, අඹන්පොල, ගල්ගමුව, තඹුත්තේගම සහ තලාව හරහා ඓතිහාසික රුවන්වැලි මහා සෑ පුදබිමට වැඩම කරවීමට නියමිත ය. ලබන 25 වනදා රන් පාදම සහිත චුඩා මාණික්‍යය රුවන්වැලි මහා සෑ රඳුන්ට පළදවනු ඇති.