කොළඹ නගරයේ දුවිලි අංශු ප්‍රමාණය ඉහළට

කොළඹ නගරයේ වායුගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය යළිත් ඉහළට

by Staff writer 20-11-2019 | 4:56 PM

COLOMBO (News 1st) - කොළඹ නගරය ආශ්‍රිත වායු ගෝලයේ දුවිලි අංශු ප්‍රමාණය යළි ඉහළ ගොස් ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා සඳහන් කළේ, අද උදෑසන කාලයේදී කොළඹ නගරය ආශ්‍රිතව වායු ගුණාත්මක දර්ශකය ඒකක 150 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.