.webp)
දෙරට අතර සබඳතා පුළුල් කර ගැනීම හා කලාපීය ආරක්ෂාව, සාමය හා සංවර්ධනය වෙනුවෙන් සාකච්ඡා පැවැත්වීම උදෙසා සිය පළමු විදෙස් සංචාරය ලෙස ඉන්දියාවේ සංචාරය කරන බව ජනාධිපතිවරයාගේ ට්විටර් පණිවුඩයේ සඳහන් විය. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා මෙම හමුවෙන් පසුව නිකුත් කළ ට්විටර් පණිවුඩයේ සඳහන් වූයේ සාමය, සංවර්ධනය, සෞභාග්‍ය හා ආරක්ෂාව සම්බන්ධයෙන් සහයෝගිතාව පිළිබඳ අගමැතිවරයාගේ පණිවුඩය ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට දැන් වූ බවයි. නව ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ දෙරට අතර සබඳතා උසස් තත්ත්වයකට ළඟාවනු ඇතැයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා විශ්වාසය පළ කර තිබේ. මේ අතර ආචාර්ය එස්. ජයශංකර් මහතා ඊයේ පස්වරුවේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ද හමුවී සාකච්ඡා කළේ ය.I was pleased to welcome @DrSJaishankar as envoy of Indian Premier Shri @NarendraModi and was honored to accept his invitation to visit India as my first overseas visit and to strengthen the relationship and discuss key aspects of regional security, peace and economic development pic.twitter.com/NqWLTmYUBI
— Gotabaya Rajapaksa (@GotabayaR) November 20, 2019