ඉන්දීය අගමැති කළ යෝජනාව ජනපති ගෝඨාභය පිළිගනී

ඉන්දීය අගමැති කළ යෝජනාව ජනපති ගෝඨාභය පිළිගනී

ඉන්දීය අගමැති කළ යෝජනාව ජනපති ගෝඨාභය පිළිගනී

කර්තෘ Staff writer

20 Nov, 2019 | 6:27 pm

COLOMBO (News 1st) – ලබන 29 වන දා ඉන්දියාවේ සංචාරයක නිරතවන්නැයි එරට අගමැති නරේන්ද්‍ර මෝදි මහතා කළ ආරාධනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගෙන තිබේ.

මෙම ආරාධනය රැගෙන හදිසි සංචාරයකට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා ඊයේ පස්වරුවේ ජනාධිපතිවරයා හමුවිය.

මෙම හමුව පිළිබඳව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඉන්දියාවේ සංචාරයක නිරත වන්නැයි කළ ඉල්ලීම පිළිගත් බවයි.

දෙරට අතර සබඳතා පුළුල් කර ගැනීම හා කලාපීය ආරක්ෂාව, සාමය හා සංවර්ධනය වෙනුවෙන් සාකච්ඡා පැවැත්වීම උදෙසා සිය පළමු විදෙස් සංචාරය ලෙස ඉන්දියාවේ සංචාරය කරන බව ජනාධිපතිවරයාගේ ට්විටර් පණිවුඩයේ සඳහන් විය.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා මෙම හමුවෙන් පසුව නිකුත් කළ ට්විටර් පණිවුඩයේ සඳහන් වූයේ සාමය, සංවර්ධනය, සෞභාග්‍ය හා ආරක්ෂාව සම්බන්ධයෙන් සහයෝගිතාව පිළිබඳ අගමැතිවරයාගේ පණිවුඩය ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට දැන් වූ බවයි.

නව ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ දෙරට අතර සබඳතා උසස් තත්ත්වයකට ළඟාවනු ඇතැයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා විශ්වාසය පළ කර තිබේ.

මේ අතර ආචාර්ය එස්. ජයශංකර් මහතා ඊයේ පස්වරුවේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ද හමුවී සාකච්ඡා කළේ ය.

එම හමුවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ද සහභාගිවී විය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]