දි. මු. ජයරත්න අභාවප්‍රාප්ත වෙයි

හිටපු අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්න අභාවප්‍රාප්ත වෙයි

by Staff writer 19-11-2019 | 7:47 PM

COLOMBO (News 1st) - හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වූ දි. මු. ජයරත්න මහතා අද පස්වරුවේ මහනුවර පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ මහතා මිය යන විට 88 වන වියේ පසු විය. 1970 මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ දි. මූ. ජයරත්න මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු රැසක් දැරූ කීර්තිමත් දේශපාලනඥයෙකි. ඔහු 1994 පොදු පෙරමුණු රජයේ ඉඩම්, කෘෂිකර්ම හා වන සම්පත් අමාත්‍ය ධුරය දැරූ අතර ඉන් අනතුරුව කෘෂිකර්ම, ආහාර සහ සමූපකාර අමාත්‍ය ධුරයත්, තැපැල් විදුලි සන්දේශ හා උඩරට සංවර්ධන අමාත්‍ය ධුරය මෙන්ම වැවිලි කර්මාන්ත අමාත්‍ය ධුරයත් හොබවනු ලැබුවේ ය. දි. මු. ජයරත්න මහතා මෙරට අග්‍රාමාත්‍ය ධුරයට පත්වූයේ 2010 වර්ෂයේදීයි. ඔහු ඊට අමතරව බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යධුරය ද හොබවනු ලැබීය.