හර්ෂ ද සිල්වාත් ධුරයෙන් ඉල්ලා අස්වෙයි

හර්ෂ ද සිල්වාත් ධුරයෙන් ඉල්ලා අස්වෙයි

by Staff writer 19-11-2019 | 6:43 PM

COLOMBO (News 1st) - ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් කැබිනට් නොවන අමාත්‍ය ධුරයෙන් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඉල්ලා අස්වී තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් හර්ෂ ද සිල්වා මහතා පවසන්නේ, ජනාධිපතිවරයාට කැමති සුදුසු පුද්ගලයෙක් තෝරා පත් කර ගැනීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි ධුරයෙන් ඉල්ලා අස්වන බවයි. ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කරමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් එක් ඉල්ලීමක් කර තිබේ. ඒ, 1990 සුවසැරිය පදනම ජනාධිපතිතුමාගේ අධීක්ෂණයට ගෙන එම සේවාව ශක්තිමත් කරන ලෙසයි. මීට පෙර අමාත්‍යවරුන් 8 දෙනෙකු සිය ධුරවලින් ඉල්ලා අස් විය. එලෙස ඉල්ලා අස්වුයේ, පාඨලි චම්පික රණවක, අශෝක් අබේසිංහ, මංගල සමරවීර, කබීර් හෂීම්, මලික් සමරවික්‍රම, රුවන් විජයවර්ධන, හරීන් ප්‍රනාන්දු සහ අජිත්. පී. පෙරේරා යන මහත්වරුන් ය.