ජනපති ගෝඨාභය රාජපක්ෂ සිය ධුරයේ වැඩ භාර ගනී

by Staff writer 19-11-2019 | 10:59 AM

COLOMBO ( News 1st ) - ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර සිය ධුරයේ වැඩ භාර ගත්තේ ය.

ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී ය. එම අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද සහභාගී විය. මීට අමතරව මැති ඇමතිවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් ද එක්ව සිටිය හ.