අල්ලස් ගත් සමෘද්ධි නිලධාරියා දැලේ

කුලියාපිටියේදී අල්ලස් ගත් සමෘද්ධි නිලධාරියෙකු අත්අඩංගුවට

by Staff writer 19-11-2019 | 4:42 PM

COLOMBO (News 1st) - කුලියාපිටිය ප්‍රදේශයේදී පුද්ගලයෙකුගෙන් රුපියල් 1500 ක අල්ලස් මුදලක් ලබාගත් සමෘද්ධි නිලධාරියෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, කුලියාපිටිය නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව රාජකාරියේ නියුතු සමෘද්ධි නිලධාරියෙකි. ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවසුවේ ය.