ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර අධික දුමාරයක්

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර අධික දුමාරයක්

by Staff writer 19-11-2019 | 1:48 PM

News 1st - ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර අධික දුමාරයකින් වැසී පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

සිඩ්නි නුවර උතුරු ප්‍රදේශය පුරා පැතිර යන ලැව් ගිනි මීට හේතු වූ බව සඳහන් වේ. මෙම තත්ත්වය සිඩ්නි නුවර දිවිගෙවන මිලියන 5ක පමණ පුද්ගලයන්ගේ සෞඛ්‍යයට අහිතකර බලපෑම් එල්ල කරනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ හේතුවෙන් සිඩ්නි නුවර පුද්ගලයන්ට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ නගරයේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙලිසියස් අංශක 37 ඉක්ම වූ පසුබිමකදී ය. කය වෙහෙසවන ක්‍රියාවන්ගෙන් වැළකී නිවෙස් තුළට වී සිටින ලෙස සිඩ්නි සෞඛ්‍ය බලධාරීහු ජනතාවට දැනුම් දුන්හ. නිව් සවුත් වේල්ස් බලධාරීන් සඳහන් කළේ, මෙම දුමාරය ඉදිරි දින කිහිපයේදී ද පවතිනු ඇති බවයි. ඉකුත් ඔක්තෝබර් මස සිට ඔස්ට්‍රේලියාවේ පැතිර යන ලැව් ගිනිවලින් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් සංඛ්‍යාව 6 කි.