ඉරාන් වික්‍රමරත්නත් ඇමති ධුරය අත්හරී

ඉරාන් වික්‍රමරත්නත් ඇමති ධුරය අත්හරී

by Staff writer 19-11-2019 | 10:09 PM

COLOMBO (News 1st) - මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වූ බවට නිවේදනය කර තිබේ.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ, මෙවර ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට මනාපය ලබාදුන් සියලු ඡන්ද දායකයින්ට සිය ස්තූතිය පළ කරන බවයි. නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙරට ජනතාව සමග එක්ව ඉදිරියට ගමන් කිරීමට හැකිවනු ඇති බව විශ්වාස කරන බව ද සිය ට්විටර් පණිවුයෙන් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය. මීට පෙර අමාත්‍යවරුන් 8 දෙනෙකු සිය ධුරවලින් ඉල්ලා අස් විය. එලෙස ඉල්ලා අස්වුයේ, හර්ෂ ද සිල්වා, පාඨලි චම්පික රණවක, අශෝක් අබේසිංහ, මංගල සමරවීර, කබීර් හෂීම්, මලික් සමරවික්‍රම, රුවන් විජයවර්ධන, හරීන් ප්‍රනාන්දු සහ අජිත්. පී පෙරේරා යන මහත්වරුන් ය.