by Staff writer 19-11-2019 | 6:52 PM
COLOMBO (News 1st) - ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හදිසි සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබේ.
විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ, ඒ මහතා සමග ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් දෙදෙනෙකු ද පැමිණි බවයි.
නවදිල්ලි නුවර සිට ඉන්දීය ගුවන් සේවයට අයත් යානයකින් එරට විදේශ අමාත්‍යවරයා ප්‍රමුඛ දූත පිරිස මෙරටට පැමිණ ඇත.