by Staff writer 19-11-2019 | 8:29 AM
COLOMBO ( News 1st ) - රටේ අවශ්‍යතාව අනුව ඕනෑම මැතිවරණයකට තම කොමිසම සුදානම්ව ඇතැයි ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එම කොමිසම පැවසුවේ මහ මැතිවරණයකට හෝ පළාත් සභා මැතිවරණයකට ඕනෑම අවස්ථාවක තමන් සුදානම් බව ය.
මැතිවරණයක් පැවැත්වීමට සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩල ලැයිස්තුගත කිරීම් ආදිය සම්පුර්ණ වී ඇති බව ද එම කොමිසම සඳහන් කළේ ය.
මේ අතර නිමා වූ ජනාධිපතිවරණය වෙනුවෙන් කළ යුතු ගෙවීම් මේ වනවිට ඒ ඒ තේරීම්භාර නිලධාරීන් මගින් ආරම්භ කර ඇති බව ද ජාතික මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ ය.