"බාලා" ඉන්දීය රු. කෝටි සියයට ආසන්න මුදලක් උපයයි

"බාලා" චිත්‍රපටය ඉන්දීය රු. කෝටි සියයට ආසන්න මුදලක් උපයයි

by Staff writer 18-11-2019 | 5:23 PM

News 1st - සම්මානනීය බොලිවුඩ් නළු අයුශ්මාන් කුරානා, යමී ගෞතම් සහ භූමි පේඩ්නේකාර් ප්‍රධාන චරිත රඟන බාලා චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි සියයකට ආසන්න මුදලක් උපයා තිබේ.

එම චිත්‍රපටයට පාදකවන්නේ තරුණ වියේදීම හිසකෙස් ගැළවී යාමේ රෝගයකට මුහුණපෑම හේතුවෙන් දැඩි දුෂ්කරතාවයකට ලක් වූ තරුණයකුගේ කතා පුවතකි. බාලා චිත්‍රපටය අමර් කෞෂික්ගේ අධ්‍යක්ෂණයකි.