by Staff writer 18-11-2019 | 5:37 PM
COLOMBO ( News 1st ) - බදුල්ල වේවැල්හින්න ප්‍රදේශයේදි මෝටර් රථයක් ප්‍රපාතයට පෙරලීමෙන් පුද්ගලයකු මිය ගොස් තවත් 3ක් තුවාල ලබා තිබේ.
අඩි 300 ක පමණ ප්‍රපාතයකට මොටර් රථය පෙරලීමෙන් මෙම අනතුර සිදු විය.
පොලීසිය ප්‍රකාශ කළේ, වේගය පාලනය කර ගැනීමට නොහැකිව අනතුර සිදුව ඇති බව ය.
අනතුරින් මියගොස් ඇත්තේ බදුල්ල රීල්පොල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 48 හැවිරිදි තිදරු පියෙකි.
අප වාර්තාකරු සඳහන් කළේ, මෝටර් රථයේ සිටි අනෙක් තිදෙනා මේ වනවිට බදුල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.