පාඨලි ත් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

පාඨලි ත් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

by Staff writer 18-11-2019 | 11:36 AM
COLOMBO (News 1st): මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය ධුරයෙන් පාඨලි චම්පික රණවක මහතා ඉල්ලා අස්වී තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කරමින් පාඨලි චම්පික රණවක මහතා සඳහන් කර ඇත්තේ ජනමතයට ගරු කරමින් තමා එම තීරණය ගත් බවයි. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත් වීම සම්බන්ධයෙන් පාඨලි චම්පික මහතා සුබ පැතුම් එක් කර තිබේ. මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති , ලෙස තේරි පත්වීමත් සමග තවත් කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනෙකුම සිය ධුර වලින් ඉල්ලා අස්විය. එලෙස ඉල්ලා අස්වූ අමාත්‍යවරුන් වන්නේ මංගල සමරවීර, කබීර් හෂීම්, මලික් සමරවික්‍රම, රුවන් විජයවර්ධන, හරීන් ප්‍රනාන්දු සහ අජිත් .පී පෙරේරා යන මහත්වරුන් ය.