සාමකාමී මැතිවරණයට අමෙරිකාවෙන් සුබ පැතුම්

නව ජනපති සමග වැඩ කිරීමට සූදානම් - අමෙරිකා තානාපති කාර්යාලය

by Staff writer 18-11-2019 | 5:16 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ජනාධිපතිවරණය පිළිබඳව සුබ පතන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග වැඩ කිරීමට බලාපොරොත්තුවන බවත්, කොළඹ පිහිටි අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසයි.

තානාපති කාර්යාලය නිකුත් කළ ප්‍රවෘත්ති නිවේදනයක දැක්වෙන්නේ, ආසියාවේ පැරණිම ප්‍රජාතන්ත්‍රවාදයට ගැලපෙන නිදහස් සාධාරණ හා විනිවිධ පෙනෙන ජනාධිපතිවරණයත් සමග ශ්‍රී ලංකාව සිය ජන රජයේ ශක්තිය හා නැගී සිටීමට ඇති හැකියාව අඛණ්ඩව පෙන්නුම් කරන බවයි. සාමකාමී මැතිවරණයක් ප්‍රවර්ධනය කිරීම පිළිබඳව මැතිවරණ කොමිසමට සිවිල් සමාජයට හා රාජ්‍ය නිලධාරීන්ට ගෞරවය හිමිවන බව ද අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය පැවසුවේ ය. සියලු රටවල්වලට සමෘද්ධීමත්විය හැකි ඉන්දු ෆැසිපික් කලාපයක් පෝෂණය කිරීම, යහපාලනය පුළුල් කිරීම, ආර්ථික වර්ධනය, මානව හිමිකම් හා ප්‍රතිසන්ධානය ප්‍රවර්ධනය හරහා රටේ ස්වෛරීභාවයට සහයෝගය දැක්වීමට නව ජනාධිපතිවරයා හා ශ්‍රී ලංකා ජනතාව සමග කටයුතු කරගෙන යාමට සූදානම් බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.