නව ජනපති දිවුරුම් දීම රුවන්වැලි සෑරදුන් අබියසදී

නව ජනපති දිවුරුම් දීම රුවන්වැලි සෑරදුන් අබියසදී

by Staff writer 18-11-2019 | 7:17 AM
COLOMBO (News 1st) : ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 7 වැනි විධායක ජනාධිපති ලෙස තේරීපත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා අද ජනාධිපති ධුරයේ දිවුරුම් දීමට නියමිතයි. අද පෙරවරුවේ යෙදෙන සුබ මොහොතින් අනුරාධපුර රුවන්වැලි සෑරදුන් අබියසදී නව ජනාධිපතිවරයා ධුරයේ දිවුරුම් දීමට නියමිතයි. මෙම අවස්ථාවට වික්ෂ නායකවරයා ප්‍රමුඛ මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලනඥයින් රැසක් සහභාගීවීමට නියමිත බව අප වාර්තාකරු පැවසී ය. පෙරේදා පැවති ජනාධිපතිවරණයෙන් , ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගත්තේ ඡන්ද හැට නව ලක්ෂ විසිහතර දහස් දෙසිය පනස්පහක් ලබා ගනිමිනි. එය ප්‍රතිශතයක් ලෙස 52.25% කි.