වැඩි මිලට තිරිඟු පිටි අලෙවි කරන්නන් සොයා වැටලීම්

තිරිඟු පිටි මිල ඉහළ දැමීමට අවසරදී නැහැ - පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය

by Staff writer 18-11-2019 | 3:54 PM

COLOMBO ( News 1st ) - තිරිඟු පිටි මිල ඉහළ දැමීමට කිසිඳු සමාගමකට හෝ ව්‍යාපාරිකයෙකුට අවසරදී නොමැති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අවධාරණය කරයි.

නිවේදනයක් නිකුත් කරමින් එම අධිකාරිය සඳහන් කළේ, සිය ලිඛිත අනුමැතියකින් තොරව මිල ඉහළ දැමීම නීතිවිරෝධී බවයි. ඒ අනුව, වැඩි මිලට තිරිඟු පිටි අලෙවි කරන වෙළෙඳුන් සොයා වැටලීම් ක්‍රියාත්මක කර තිබේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ප්‍රකාශ කළේ, ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි. අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක් වන තිරිඟු පිටි කිලෝග්‍රෑමයක් සඳහා රජය පනවා ඇති පාලන මිල රුපියල් 87 කි. දැනුම්දීමකින් තොරව ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 8 කින් ඉහළ දමා ඇතැයි බේකරි හිමියන්ගේ සංගමය ඊයේ තහවුරු කළේ ය.