by Staff writer 18-11-2019 | 11:08 AM
COLOMBO (News 1st) : ජනාධිපති ධුරයට තේරීපත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දුරකතනය ඔස්සේ සුබ පතා තිබේ.
ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ, එම දුරකතන සාකච්ඡාවේදී ඉන්දියාවේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙසට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ගෝඨාභය රාජපක්ෂ මහතාට කළ ආරාධනය රාජපක්ෂ මහතා පිළිගත් බවයි.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ , ශ්‍රී ලංකාවේ ජනතාව සාමය හා සමෘද්ධිය මෙන්ම සහෝදර , සංස්කෘතික මාවතේ තවදුරටත් ඉදිරියට යනු ඇති බවට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විශ්වාසය පළ කර තිබේ.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඓතිහාසික හා ශිෂ්ටාචාරික සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇති බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ අදහසයි.
එම අරමුණු සඳහා ශ්‍රී ලංකා රජය සමඟ අඛණ්ඩව කටයුතු කිරීමට ඉන්දියාව දක්වන කැපවීම අග්‍රාමාත්‍යවරයා නැවත අවධාරණය කළ බව, ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ ය.
එහිදී තමාට සුබ පැතුම් එක් කිරීම වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා , ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ස්තුතිය පළ කර තිබේ.
එහිදී සංවර්ධනය හා ආරක්ෂාව සහතික කිරීම සඳහා ඉන්දියාව සමග ඉතා සමීපව කටයුතු කිරීමට ඇති සූදානම පිළිබඳව ගෝඨාභය රාජපක්ෂ මහතා අදහස් පළ කළ බව , ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලය වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.